කොම්පඤ්ඤවීදිය වැඩ බිමකින් ‘ඩෙල්ටා‘‘ ආසාදිත 2 ක් – කහතුඩුව ආසාදිතයාත් මෙම වැඩ බිමේ

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු හමුවී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙය සොයා ගැනීමත් සමඟ එම ඉදිකිරීම් වැඩබිම තාවකාලිකව වසා දමා ආශ්‍රිතවූ සේවකයන් 46 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව එම කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

පෙරේදා(28) කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයා ද මෙම ඉදිකිරීම් වැඩබිමේ පෙදරේරුවකු බවට තොරතුරු හෙළිවී ඇත.

ඩෙල්ටා ආසාදිත මෙම තිදෙනාම පූනානි ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටිති .

Leave A Reply

Your email address will not be published.

13 − eleven =