සෞඛ්‍ය අංශ නොදනී – හමුදාවෙන් දෙහිඅත්තකන්ඩියේ එන්නත් විදී- 100 ක් පමණ රෝහල් ගත කරයි !

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් නොකර හමුදාවේයැයි කියාගන්නා කණ්ඩායමක් විසින් පෙරේදා (27) දිනයේ දෙහිඅත්තකණ්ඩියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට කොවිඩ් ප්‍රතිශක්තීරණ එන්නතක් ලබාදෙනු ලැබීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ සියයකට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

‘අප ආයතනයේ සියලුම සේවක සේවිකාවන්ට හා කාර්ය මඩුල්ල වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හා යුද හමුදාපතිතුමා ඇතුලු කාර්ය මඬුල්ලට අපගේ හෘදයාංගම ස්තුතිය’ යනුවෙන් දැන්වීමක් එන්නත ලබා දෙන ස්ථානයේ ගසා තිබූ බව එහි සේවකයෙක් අප සමග පැවසීය.

සේවකයන් 1,500කට පමණ එන්නත ලබා දී ඇති බවත්, එයින් 150කට ආසන්න පිරිසකට  අසාත්මිකතා ඇතිවී තිබෙන බවත්, 100කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවත් සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් පැවසේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු කියති.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ අනුදැනුමක් නැතිව හමුදාවේයැයි කියාගන්නා පිරිසක් විසින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බවට ලැබුණු තොරතුරු අනුව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉහළ සෞඛ්‍ය බලධාරීන්ට තොරතුරු දැනුම් දී තිබේ. කෙසේ වෙතත් කිසිම වෙනසකින් හා බාධාවකින් තොරව මෙම වැඩසටහන පවත්වා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

Leave A Reply

Your email address will not be published.

sixteen + five =