ඊයේ ‘‘ඩෙල්ටා‘‘ රෝගියෙක් හමුවූ කහතුඩුව, ජයලිගමින් තවත් හතරකට කොරෝනා

ඊයේ (28) ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව, ජයලිගම ප්‍රදේශයේ තවත් පුද්ගලයන් සිවු දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

කෙසේ නමුත් මෙම සිව් දෙනාට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය බවට මෙතෙක් තහවුරු වී නැති බවද ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
ඩෙල්ටා ආසාදනය වූ කහතුඩුවේ මෙම පුද්ගලයා 47 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ඉදිකිරීම ආයතනයක පෙදරේරුවකු බවද වාර්තා විය.

මේ සමඟම ඊයේ ඩෙල්ටා කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසුව එම ගම්මානයේ 100 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබූහ.

එම 100 දෙනාගෙන් 70 දෙනකුගේ පී.සී.ආර් වාර්තා ඊයේ(29)ලැබී තිබූ අතර සිවු දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබුනේ එම වාර්තාවෙනි.

කෙසේ වෙතත් ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයාගේ මව බිරිඳ සහ දරුවාට කොවිඩ් ආසාදනය වී නොමැති බවත් ඔවුන් සම්බන්ධයෙන් යළි කොරෝනා පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයා සොයා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ නිවාස පහක 20 දෙනක් නිරෝධායනයට යොමු කරනු ලැබ තිබෙන අතර ජයලිගම ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

Leave A Reply

Your email address will not be published.

19 + 9 =