ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ල ආපසු ලංකාවට

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයේ නිරතව සිටින අතරතුර 20-20 තරඟාවලිය අවසන්වීමත් සමඟ ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

මෙම චෝදනාවට ලක්වූ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් තිදෙනාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාකරමින් යයි. මිට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රීඩකයින් ව වහාම නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගෙන ක්‍රීඩකයින් ව නැවත ගෙන්වීමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ “එම සිද්ධිය පිළිබඳ ව පරීක්ෂණ නිමවෙන තෙක් එම ක්‍රීඩකයින් තිදෙනාට සියලු ක්‍රිකට් තාවකාලික තහනම් කිරීමට තීරණය කළා,” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

1 + 16 =