අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ

අද (28) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කර තිබේ.

හුදකලා කළ ප්‍රදේශ වන්නේ,

රත්නපුර දිස්ත්‍රික්කය

නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ,
නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ,
නොරගල්ල ඉහළ කොටස

යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 1
පින්කන්ද වත්ත 2

පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 3

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ,

නක්කලවත්ත ග්‍රාමය
මිල්ලකැලේ වත්ත ග්‍රාමය

 

Leave A Reply

Your email address will not be published.

three × 1 =