‘‘කාබනික පොහොර භාවිතයට ගත් වැඩ පිළිවෙල පසුපසට ගන්නේ නෑ‘‘

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (27) මහනුවරට ගිය අතර එහිදී වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවූ ජනපතිවරයාතමා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි පැහැදිලි කළේය.

මෙය ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් එකක් බවත්, රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින බවද සඳහන් කර ඇත.

වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රසායනික පොහොර ආනයනය සඳහා රජය වැය කරන අතර කාබනික පොහොර භාවිතය මගින් විදේශීය ආයතන වෙත ඇඳී යන සඳහා රජය එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට හැකිවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

2 × 5 =