පාර ප්‍රමිතියකට නැතැයි කියා විරෝධතා කළ පිරිසට රිදිමාලියද්ද ප්‍රා: සභා සභාපති පහරදෙයි

කිලෝ මීටර් 04ක දිගින් යුත් රිදීමාලියද්ද, පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව සිදු කරන බව කියමින් එහි ගම්වාසීන්ගේ නිහඬ විරෝධතාවක නිරත වූ අතර එහිදී එම ස්ථානයට පැමිණි රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ උද්ඝෝෂකයන්ට පහරදී තිබේ.

මාර්ගය ඉදිකිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතා ගම්වාසීන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මාධ්‍යට පෙන්වන ලදි.

මේ අතර තුර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇත. ඒ අවස්ථාවේ දෙපාර්ශවය අතර බහින් බස් වීමක් ඇති වු බවත් බහින් බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුර දිග ගිය බව ද ගම්වාසූහු කියති. සභාපතිවරයා සමග පැමිණි මැර පිරිසක් පහරදුන් බවත් වීරගොල්ල ගම්වාසීහු චෝදනා කරති.
මිට පෙර මෙම මාර්ගය සකසන අතර තුරද මෙලෙසම ප්‍රදේශවාසින් පෙන්වා දුන්නේය.

මෙම මාර්ගයේ කාපට් අතුරා අවසන් කර සුදු ඉරි පවා ඇද ඇති බවත් දැනටමත් එම මාර්ගය සෝදා පලුවට පත්වීම මාර්ගයේ ප්‍රමිතිය අඩු බවට කීමට කදිම නිදසුනක් බව ගම්වාසීහු පෙන්වා දෙති.

Leave A Reply

Your email address will not be published.

seven − seven =