නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය සාගර ජීවීන්ගේ විනාශයට එරෙහිව

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය සහ සිදුවෙමින් පවතින සාගර ජීවීන්ගේ විනාශයට වගකිවයුතු ආයතන , මේ සම්බන්දයෙන් කඩිනමින් මැදිහත්වන ලෙස බලකෙරෙමින් සමාජවාදී තරුණ සංගමය පසුගිය (25) දින නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණයක නිරත විය.
මෙහිදී අමාත්‍යාංශ භාර ඇමතිවරයාට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා විසින් පහත කරුණු සම්බන්දයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස සදහන් කරමින් ලිපියක් ද භාර දෙනලදි.
ලිපියේ සදහන් කරුණු මෙසේය …
1 – අපේ සමුද්‍රීය පරිසරයට කොපමණ හානියක් සිදුවී තිබේද යන්න කෙරෙන පරීක්‍ෂණ කඩිනම් කරන ලෙස

2 – ලෝකයේම වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින මුහුදු කැස්බෑවන් හා මුහුදු ජීවීන්ගේ මියයෑමට හේතු නොසඟවා රටට හෙළිකරන ලෙස

3 – මෙම පරීක්ශණය කඩිනම් කර අදාල නැව් සමාගමෙන් සිදුවී ඇති හානියට අදාල වන්දි මුදල් ලබා ගැනීමට කටයුතු කර පරිසර අපරාධකරුවන් වහා හෙලිදරව් කරන ලෙස

4 – එක්සත් ජාතීන්ගේ සංවිධාන වැනි සංවිධාන වල සහයෝගය ගෙන මෙවැනි ලෝක ව්‍යාප්ත මහා පරිමාණ නැව් සමාගම්වලට ගැලවී යා නොහැකි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස

මෙහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ සමාජවාදී තරුණ සංගමයේ විදේශ කටයුතු පිළිබද ලේකම් අංජන සම්පත් විසින් අදහස් ඉදිරිපත් කළේය.

 

Leave A Reply

Your email address will not be published.

six + fourteen =