මාධ්‍ය සඳහාත්, මාධ්‍ය තුළත් ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේද?

ලිඛිතව මාධ්‍ය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උරුම කර දී තිබෙනවා යැයි කියන ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස පවතින්නේ ද යන්න  ගැටලුවකි. ඒ වෙනුවට දිනෙන් දින මාධ්‍ය ස්වාධීනත්වයක් වර්ධනය වනවා ද? එසේත් නැතිනම් මියැදෙනවා ද යන ප්‍රශ්නය මතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම නිවැරැදිය.

අනෙක් පසින් අද වන විට අනාගතය පිළිබඳව බියෙන් ජීවත් වීමට මෙරට පුරවැසියාට සිදුව තිබේ. කිසියම් මොහොතක අප ද අනිසි ලෙස මියැදේ ය යන  බියෙන් ජීවත් වීමට සිදුව තිබේ. මේ සිතුවිල්ල පුරවැසියාගේ මනසින් ඉවත් කිරීමේ වගකීම මාධ්‍ය සතු වෙයි. වසර ගණනාවක් ඇතුළත ලංකාව තුළ සිදු වූ ඛේදනීය සිදුවීම්  පුරවැසියාගේ සිත තුළ කාවැදී පැවැතීමට ප්‍රධාන හේතුව මාධ්‍ය යැයි කීමේ වරදක් ද නොමැත. මෙම සිතුවිලි කාලයක් තිස්සේ රැඳි පුරවැසියාගේ මනසින් ඉවත් කිරීමේ වගකීම ද මාධ්‍ය සතු වේ. එහෙත්, බියට පත් වීම වෙනුවට නොබියව ජීවත් විය හැකි රටක් බවට ජනතාවට තහවුරුවක් ලබා දීමට අවැසි දේශපාලන වටාපිටාවක් පවතන්නේ ද යන්න තවත් ගැටලුවකි.

ඒ පිටුපස නොයෙක් බලවේග සැරිසැරීම හේතුවෙන් නිවැරැදි, සත්‍ය තොරතුරු ජනගත වේ ද? ජනතාව වෙනුවෙන් මාධ්‍ය පෙනී සිටින්නේ ද? ඒ තුළින් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් භුක්ති විඳින්නේ ද  යන ප්‍රශ්නාර්ථයන් ද  මේ සමාජය තුළින් පැනනැඟී තිබේ.

එසේම මාධ්‍ය විසින් ද ඔවුන්ට තිබෙන නිදහස යොදා ගනිමින් මානව හිමිකම් උල්ලංඝනය නොකර අනෙක් පාර්ශ්ව අතර ගැටුම් ඇති නොවන සීමාවක තොරතුරු ජනගත කිරීම සුදුසු වේ. ඒ තොරතුරු වෙනත් පාර්ශ්වයන්ට කරන පාර්ශ්වීය බලපෑම්, බියගැන්වීම් සමඟ නිර්මාණය වූවක් නොවිය යුතුය.

නිවැරැදි තොරතුරු සැපයීම, මිථ්‍යාවන් හෙළිදරවු කිරීම වැනි කරුණු සැලැකීමේ දී වර්තමාන ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ජනතාව වෙනුවෙන් ද යන්න ප්‍රශ්නාර්ථයක්ව පවතී. එසේම ඇතැම් ජනමාධ්‍ය ක්‍රියා කරමින් සිටිනුයේ, ඒ ඒ ආයතන අරමුණු සපුරා ගැනීමට ය. ඒ පිටුපස නොයෙක් බලවේග සැරිසැරීම හේතුවෙන් නිවැරැදි, සත්‍ය තොරතුරු ජනගත වේ ද? ජනතාව වෙනුවෙන් මාධ්‍ය පෙනී සිටින්නේ ද? ඒ තුළින් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් භුක්ති විඳින්නේ ද  යන ප්‍රශ්නාර්ථයන් ද  මේ සමාජය තුළින් පැනනැඟී තිබේ.

ඒ නිසා මාධ්‍ය ස්වාධීන වීම අත්‍යවශ්‍ය වේ. ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුම වේ. එසේත් නැතිනම් දේශපාලන බලවේගවලින්, වාණිජ පරමාර්ථවලින් මාධ්‍ය වෙන් වීම අත්‍යවශ්‍ය කරුණකි. මාධ්‍යකරණයේ නිරත වන්නන් නිරන්තරයෙන් නිසි අවබෝධයකින් සහ තියුණු ඇසකින් යුක්ත වන්නේ නම්, එදිනට සත්‍ය, නිවැරැදි තොරතුරු ජනතාවට ලැබෙනු ඇත.

සත්‍යය පසුපස හඹා යන, සත්‍යය එලෙසින්ම හෙළි කරන, බාහිර බලවේග හමුවේ යටත් නොවන දිනයක දී මාධ්‍යවලත්, මාධ්‍ය භාවිතාව තුළත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අපට දැක ගත හැකි වනු ඇත.

වයි. බී. තිළිණි නිසංසලා

 

 

Leave A Reply

Your email address will not be published.

sixteen − 3 =