බැසිල් වෙනුවෙන් අස්වෙන්න තුනක් සූදානම් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සදහා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් ඇතැයි වාර්තා වෙයි.

එළඹෙන ජූලි මස මුල් සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් අනතුරුව මුදල් සම්බන්ධ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඒ මහතා දිවුරුම් දෙනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

දැනට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 27 දෙනකු සිටින බවත් එනිසා තවත් ඇමැතිවරයෙකුට දිවුරුම් දිය හැකි බව ද සඳහන් වේ.

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් දිවුරුම් දුන් පසු පෙට්‍රල් සහ ඩීසල් මිල පහල දැමීමක් සිදු වුනු ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත් වී ඇතැයි ද දැනගන්නට ඇත.

Leave A Reply

Your email address will not be published.

fifteen − twelve =