ලංකාවේ පළමු ද්විත්ව පුරවැසි මුදල් ඇමැති බැසිල් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත ය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වීමට නියමිත අතර, එයින් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ ලබන 06 දා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට සැලසුම් කර තිබේ.
ඉන්අනතුරුව බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත ය. මේ වන විට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ය. ඔහුගෙන් මුදල් අමාත්‍යාංශය ඉවත් කළ පසුව අග්‍රාමාත්‍යවරයාට ඉතිරි වන්නේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරයයි.
බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය සහිත ද්විත්ව පුරවැසියෙකු වන අතර, මීට පෙර පැවති ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට හැකියාවක් තිබුණේ නැත. කෙසේ වෙතත් 19 වන ව්‍යාවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආ පසුව ද්විත්ව පුරවැසියන්ටද මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමේ ප්‍රතිපාදන තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට පළමු ද්විත්ව පුරවැසි මුදල් අමත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත.

Leave A Reply

Your email address will not be published.

16 − five =