බෙල්ල කපා මුට්ටිය බිඳ එළුවාගේ මස්ගාතය රැගෙන ගිය කතාව හෙවත් පිටරටින් සහල් ගෙන්වා ‘මාෆියාව මැඬලූ හැටි’…

ආණ්ඩුව බලයට පැමිණි වහාම සංදර්ශන බොහෝ විය. මිල පාලන අධිකාරියට හමුදා ලොක්කකු පත්කිරිම එහි ප්‍රබල අවස්ථාවකි. මේ ලොක්කා රටේ ලොක්කා වන ජනාධිපති මෙන්ම සහල් කඩවල ඇවිද්දේය. ඒ සහල් මිල පාලනයටය. ජනාධිපති සහල් තොග කඩවල වාඩිවී සහල් ඇට අතගාමින් මාධ්‍යවලට දර්ශන මැවීය. මිල පාලන අධිකාරියේ ලොක්කා පිටකොටුවේ වෙළෙන්දකුට “කන පැලෙන්න ගහනවා” කියුවේ මිල සඳහන් පුවරුවක් නැති නිසාය. ඒ ලොක්කාම ඩඩ්ලි සිරිසේනගේ සහල් මාෆියාව මට්ටු කරන්නට ගොස් ඩඩ්ලිට සැලියුට් ගසා පචවී වලිගය දෙපරැන්දේ ගසා පිටතට පැමිණියේය. ඩඩ්ලි පොර විය. ජනතාව මේ සියල්ල උපේක්ෂාවෙන් බලා සිටියේ වී ගොවියන්ටත්, සහල් පාරිභෝගිකයන්ටත් යහපතක් වේ යැයි සිතමින්ය.

දැන් හදිසියේ නින්දෙන් නැඟිට මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමති සහල් මාෆියාව නැති කරන්නට සහල් පිටරටවලින් ගෙන්වන බව පවසයි. ජනතාව සියලු උවදුරුවලින් බේරා ගැනීමට පැමිණි ආණ්ඩුව දැන් කෙඳිරිගාන්නේ එලෙසින්ය. මේ අරඅඳින්නේ අන් යමකට නොව සහල් මාෆියාව පෙන්වමින් සහල් ගෙන්වා කොමිස් ගසන්නටය. සහල් බිල්ලා එලවන්නට පැමිණ එම බිල්ලා සමඟ කරට අත දමා සිටිමින් දැන් තම පෞද්ගළික හිතවත්කම් ඔස්සේ රටවලින් සහල් ගෙන්වා ගොවියා ද, පාරිභෝගිකයා ද වළට ඇදදමන්නටය. මේ මහදැනමුත්තා පන්නයේ ඊට හපන් විසඳුමකි. පළමුව මුට්ටියේ හිරවූ එළුවා ගේ හිස කපා මුට්ටිය බේරා දෙවනුව මුට්ටිය බිඳ මැරුණු එළු හිස බේරා උපදේසයට හිලව්වට පස්සා ගාතය ද රැගෙන ගියා වැනි දෙයකි. දැන් එළු ජාවාරම්කාරයා ද, ආරක්ෂකයා මෙන්ම උපදේශකයා ද හොඳින් එළුමස් කනු ඇත. රටේ ජනතාව එළුවා ගණනට දමන්නට කපටි පාලකයා සමත්ව ඇත.

මේ මාෆියාවන් විසින් තමන්ට හිතැති ආණ්ඩු බලයට ගෙනෙන්නට ද, තමන්ට බාධා වේ යැයි සිතන ආණ්ඩු ඇති නොවන්නට ද වගබලා ගනු ලබයි. එනිසා මේවායේ හවුල්කාර ධනවාදී ආණ්ඩුවලින් සහල් මාෆියාව පරදවන්නැයි ඉල්ලා ජනතාව සිදුකොට තිබෙන්නේ බළලුන්ගෙන් දී කිරි ගැන සාක්ෂි ඉල්ලීමකි. මේ පසුගාමී ශ්‍රී ලංකාවේ ධනේශ්වර දේහයේ කුණුවී, ඔඩුදුවා, ගඳ ගසන මෙම ගඩු සුව කළ නොහැකි ය. අවශ්‍ය වන්නේ සමාජ ක්‍රමයේම විප්ලවීය වෙනසකි.

කෙසේ වෙතත් සිහිබුද්ධිය ඇත්තන් තේරුම් ගත යුතු කාරණයක් තිබේ. මාෆියාවන් යනු ධනවාදයේ නිර්මාණයන්ය. ‘ඒකාධිකාරිය’ යනු ද ධනවාදයේ නිර්මාණයකි. රටේ තිබෙන්නේ සහල් ඒකාධිකාරයකි. අතළොස්සක් ප්‍රධාන සහල් මෝල්කරුවන් පිරිසක් අත එම බලය පවතී. ඔවුහු එම බලය යොදවමින් පාතාල මාෆියාවන්සේ බලහත්කාරය යොදවමින් සහල් වෙළෙඳ පොළ හසුරුවති. ඔවුන්ගේ වෙළෙඳ මැර බලයට සියල්ල පාලනය කළ හැකිය. ධනේශ්වර ආණ්ඩු යනු මේවායේ හවුල්කරුවන් මිස විරුද්ධවාදින් නොවේ. එනිසා මේ මාෆියාවන් විසින් තමන්ට හිතැති ආණ්ඩු බලයට ගෙනෙන්නට ද, තමන්ට බාධා වේ යැයි සිතන ආණ්ඩු ඇති නොවන්නට ද වගබලා ගනු ලබයි. එනිසා මේවායේ හවුල්කාර ධනවාදී ආණ්ඩුවලින් සහල් මාෆියාව පරදවන්නැයි ඉල්ලා ජනතාව සිදුකොට තිබෙන්නේ බළලුන්ගෙන් දී කිරි ගැන සාක්ෂි ඉල්ලීමකි. මේ පසුගාමී ශ්‍රී ලංකාවේ ධනේශ්වර දේහයේ කුණුවී, ඔඩුදුවා, ගඳ ගසන මෙම ගඩු සුව කළ නොහැකි ය. අවශ්‍ය වන්නේ සමාජ ක්‍රමයේම විප්ලවීය වෙනසකි.

කෙසේ වෙතත්, මහින්දානන්දලා පවසන ලෙසින් සහල් පිටරටවලින් ගෙන්වා ජනතාවට වැඩි මිලට කවනු ඇත. එයින් ඇමතිලා සහ නායකයෝ යහමින් කොමිස් ගසනු ඇත. සහල් මාෆියාව අපරාජිතව පාලකයන් හා කරට අත දමා ගනිමින්, පවතිනු ඇත. ගොවියා පෙර පරිදිම සහල් මාෆියාවේ ගොදුරු බවට පත් වනු ඇත. මේ ධනේශ්වර ආණ්ඩුවලට හැක්කේ ජනතාව මුළාකොට ගන්නා බලය ධනපති ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් යෙදවීම සහ “කොළේ යන හරකා ඒකෙන්ම නොකා කොහොමදැයි” අසමින් ගොයම් කොළයේ වැඩි පංගුවක් කන්නටය. පාලකයන් සහල් මෝල් මාෆියාවට බිය නැත. ඔවුන් ගජමිතුරන් ය. මේ පාලකයන් ද, මහා පරිමාණ වී මුදලාලිලා ද ජනතාව අයත් නොවන අධිපති හෙවත් පාලක පංතියේ  බව ජනතාව වටහා ගන්නා තුරු මහින්දානන්දලා, ගෝඨාභයලා ආදීන් මේ සෙල්ලම දිගටම කරගෙන යනු ඇත●

 

 

 

Leave A Reply

Your email address will not be published.

12 + fifteen =