මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260 කට සහනයක්

දැනට මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260 දෙනෙකුට ආසන්න පිරිසකගේ එම දඬුවම ඉතාම ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩු කිරීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇති බව ද පවසයි.

විවිධ අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව 500 කට අධිකය බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිරකරුවෝ 94 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ (24) නිදහස් කරනු ලැබීමත් සමඟ මහර බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් කෑම වර්ජනයකද නිරත විය.

Leave A Reply

Your email address will not be published.

2 × 4 =