නැගෙනහිර මුහුදේ තවත් නැවක ගින්නක් !

ශ්‍රී ලංකාව සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ඉන්දියන් සාගරයේ ලයිබීරියානු ධජයක් සහිත බහාලුම් නෞකාවක ඊයේ (24) ගින්නක් හටගෙන තිබේ.
ගින්න හටගෙන ඇත්තේ නෞකාවේ එන්ජින් කාමරය ආශ්‍රිතව බව පැවසේ. මෙසේ ගිනිගෙන ඇත්තේ ලයිබීරියානු ධජයක් සහිත MCC MESSINA නමැති නෞකාවයි. නැව මේ වන විට යාත්‍රා කිරීම නවතා දමා ඇති බව වාර්තා වේ.
නෞකාව කොළඹ සිට සිංගප්පූරුව වෙත ගමන් කරමින් සිටි බව සඳහන් ය.

Leave A Reply

Your email address will not be published.

5 × four =