“ඉදිරියේදී දුමින්ද සිල්වා ජනාධිපතිවරයා යටතේ දේශපාලනයට ආවොත් පුදුම වෙන්නේ නෑ”

- හිරුණිකාගෙන් ජනපතිට ලිපියක් !

තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම කරන ලද දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ වෙත ලිපියක් යැවීමට අපේක්ෂා කරන බවත් ඝතානයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දුගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
මෙසේ වැරදිකරුවන්ට සමා ලබාදී නිදහස් කරන්නේ නම්, රටේ නීතිය සහ අධිකරණ පවත්වාගෙන යන්නේ කුමටද යනුවෙන් ද ඇය ප්‍රශ්න කර සිටී.
මේ තත්ත්වය යටතේ ඉදිරියේදී දුමින්ද සිල්වා වර්තමාන ජනාධිපතිවරයා යටතේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු ඇරඹුවහොත්, තමන් ඒ සම්බන්ධයෙන් පුදුම නොවන බව ද හිටපු මන්ත්‍රීවරිය වැඩිදුරටත් පවසයි.

Leave A Reply

Your email address will not be published.

sixteen + ten =