මහර රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක

තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ අද (24) දහවල් සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත වී සිටින බවයි.

පොසොන් පොහොය නිමිත්තෙන් ත්‍රස්තවාදී පනත යටතේ සිරගත කර සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 16 දෙනෙකු, මරණිය දණ්ඩනය හිමිව සිටි දුමින්ද සිල්වා ඇතුළු රැඳවියන් 93 දෙ‍නෙකුට අද විශේෂ ජනපති සමාව යටතේ නිදහස ලබාදීමෙන් පසු මහර බන්ධනාගාරයේ රැඳවියන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

19 + eleven =