වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමෙරිකා ගිය බැසිල් පැමිණේ

හේතුවක් නොදන්වාම පසුගිය මැයි 12 දා ඇමෙරිකාව බලා ගිය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ අද (24) උදෑසන කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ නැවත පැමිණි බව ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා සමග, ඔහුගේ බිරිඳ ද පැමිණ තිබෙන බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ රටින් පිටව ගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එලෙස අමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.

එහෙත් ආණ්ඩුවේ ඇමතිවරුන් මෙම රට යාම සම්බන්දයෙන් විවිධ හේතු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී පැවසුවේ එතුමා ගිය පෞද්ගලික ගමන ගැන ජනතාවට වැඩක් නැති බවයි. එහෙත් බැසිල් රාජපක්ෂ යනු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් නොවුනද මේ රටේ ජනතාව ඡන්දයෙන් පත්කළ ජනාධිපතිවරයා පත් කළ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වරයාය.

 

Leave A Reply

Your email address will not be published.

one × five =