අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද සමඟ පෙරේදා (22) කොවිඩ් මරණය 65 ක්

අඟහරුවාදා (22)මෙරට කොවිඩ් ආසාදිතවූ 65 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළේය.

මෙම මරණ 65 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,769 ක් දක්වා ඉහළ ගොස් ඇත. පිරිමි අය 40 දෙනෙක් සහ කාන්තාවන් 25 දෙනෙක් මියගිය අය අතර වෙති.

මියගිය අයගෙන් 53 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 10 දෙනකු සහ අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද ඊයේ මියගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.

17 − six =