“ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයන් ඉක්මනින් එන්නත් කළ යුතුයි”

මේ වන විට ඉක්මනින් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත් ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, උපුල් රෝහණ පවසන්නේ රට පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා ආශ්‍රිතව වැඩි වශයෙන් කොවිඩ් රෝගීන් හඳුනාගනිමින් සිටින බවය.

“මේ මොහොත වෙද්දි ඇඟලුම් කම්හල් රාශියක ආසාදිතයෝ විශාල වශයෙන් වාර්තා වන තත්වයට පත්වෙලා තියෙනවා. පාලනය කිරීමට අපහසු තරම් රෝගීන් වාර්තා වෙනවා බොහෝ කර්මාන්ත ශාලාවල. ඒ නිසා අපි මේ මොහොතෙත් ඉල්ලනවා හැකි ඉක්මනින් දැනට ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන සහෝදර සහෝදරියන්ට එන්නත් ලබාදීමට කටයුතු කරන්න. ඔවුන්ව කොවිඩ් – 19වලින් ආරක්ෂා කරගත්තේ නැතිනම්, ආරක්ෂිත මනසක් ඇති කර ගත්තේ නැතිනම් ඉදිරියේදී මේ කර්මාන්ත කඩාවැටෙයි කියලා පැහැදිලියි.”

කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියේ, අලුත් වෛරස ප්‍රභේදයත් සමඟ බෝවීම වැඩිවී ඇති බවය.

Leave A Reply

Your email address will not be published.

18 − four =