දැඩි සත්කාර ඒකකවල රෝගීන් 135 ක්, තෙවැනි රැල්ලේදී පමණක් මරණ 2,095 ක්

අද (23) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අනාවරණය කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ කොවිඩ් රෝගීන් 135 දෙනෙකු මේ වනවිට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි.

මෙරට කොවිඩ් පළමු සහ දෙවැනි රැල්ලේදී මියගිය සංඛ්‍යාව 609 ක් වුවත් තෙවැනි රැල්ලේදී පමණක් මරණ 2,095 ක් වාර්තා වී තිබේ.
අද වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ පාර්ශවය කුමන අර්ථකතන දැක්වුවද මෙවැනි පසුබිමක පසුගිය 13 වැනිදා සිට 20වැනිදා දක්වා සිදුවූ කොවිඩ් මරණ, සාමාන්‍යය දිනකට 50ක් පමණ වාර්තා වී තිබේ.

කෙසේ නමුත් පසුගිය සති 3කට ආසන්න කාලයක් දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යෑම ගැටලු සහගත තත්ත්වයකි. මින් පැහැදිලි වන්නේ මෙම පවත්වාගෙන යන සංචරණ සීමා ක්‍රියාත්මකවන ආකාරය කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.

 

Leave A Reply

Your email address will not be published.

4 + 14 =