‘පාසල් මෑතකදී විවෘත කරන්න බෑ‘- ජී. එල්. පීරිස්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ මොහොතේ පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවද මෙය ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවත් ලෝකයේ බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවද සඳහන් කරයි.

වසංගත සමයේදී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස පාවිච්චි කරන්නේ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය බව පැවසූ අධ්‍යාපන ඇමතිවරයා “ගුරුගෙදර”ඊ තක්සලාව වැනි වැඩසටහන් මේ සඳහා දැනටමත් යොදා ගන්නා බවද ප්‍රකාශ කළේය.

මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටින බවත් ඒ ගැටළුවටද ප්‍රායෝගික විසඳුම් ලබාදීමට වෙහෙසෙමින් සිටින බවත් පීරිස් මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.

4 × four =