Covid එන්නත ගල්ගමුවට අකැප ද?

කොරෝනා වෛරසය වෙනුවෙන් ලබා දෙන එන්නත රට පුරා සෑම ප්රදේශයකම මිනිසුන් වෙනුවෙන් විවිධ සංවිධානාත්මකයන් යටතේ ලබා දුන්න ද ගල්ගමුවට ඒ් පිළිබද තවම හාංකාවිසියක්වත් නොමැති වීම පුදුමයට කරුණකි.
ගල්ගමුව ප්රදේශයේ සෞඛ්ය හා රාජ්ය ආයතනයන් හි සේවා දායකයන් වෙනුවෙන් එන්නත ලබා දී තිබුනත් (නිසි අයුරින් දුන්නා ද යන්න පිළිබද සහතිකයකුත් නැත) සාමාන්ය ජනතාව ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නැත.
මෙයට වගකිව යුත්තෝ කවුරුන්ද… නිලධාරීන්ද එහෙමත් නැතිනම් දේශපාලඥයින්ද? මේ සදහා ප්රමුකත්වයක් ගත යුත්තේ දේශපාලඥයින් නම් ඒ් පිළිබද අප අවධානය යොමුකරවිය යුත්තේ අග්රාමාත්යවරයා ඇතුලු ගල්ගමුවේ ඡන්ද පසුපස ගිය දිස්ත්රික්කයේ ජයග්රාහි දේශපාලඥයින්ට ද?
අගමැති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි…
මේ වන විට ගල්ගමුව අවුරුදු පොකුර 400 ඉක්මවා අවසන්ය.මෙයින් සුවවූ පිරිස 300 පමණ වන අතර ඉතිරිය ප්රතිකාර ලබයි.. ගල්ගමුවේ දිනකට හමුවන ආසාධිත සංඛ්යාව දැන් වර්ධනය වෙමින් පවතී.මියගිය සංඛ්යාව 15 ක් පමණ වේ..
ගල්ගමුවේ ජනතාව ආසාධිත වීමට ඉඩහැර ඔවුන් ට මරණය උරුම කර දෙනවාද? වැක්සින් එක ලබා දී ගල්ගමුව ජනතාව බේරාගන්නවාද?
– චන්ද්‍රරත්න ඉලංගකෝන් 
Leave A Reply

Your email address will not be published.

9 + 20 =