වාර්තාගත ඉතිහාසයක් හිමි විපක්‍ෂ නායකයා යලි පාර්ලිමේන්තුවට

පසුගිය මහා මැතිවරණයේදී අන්ත පරාජයකට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) පෙරවරුවේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගිය මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට එක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මෙලෙස පත්විය.
ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට මෙතෙක් කලක් විවිධ හේතු මත එම පක්ෂය පියවර ගෙන තිබුණි.

පසුගියදා පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමට තීරණය කෙරුණි.

Leave A Reply

Your email address will not be published.

16 + twelve =