දිනක් තුළ සහතික කරන ලද වැඩිම කොවිඩ් මරණ ඊයේ (21) 71 ක්

දිනක් තුළ සනාතකරන ලද වැඩිම කොවිඩ් ආසාදිත මරණ ප්‍රමාණය වාර්තා කරමින් ඊයේ (21) දිනයේ 71 ක් දෙනෙකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.

මෙම මරණ 71 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,704 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම මියගිය 71 දෙනා අතර 57 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 13 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද මියගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

five × 1 =