ඉතිහාසයේ ප්‍රථමවරට ස්වීඩන් අග්‍රාමාත්‍යවරයෙක් විශ්වාසභංගයකින් පරාජය වෙයි

ස්වීඩන ආණ්ඩුවට එරෙහිව එරට අන්ත දක්ෂිණාංශික ‘ස්වීඩන් ඩිමොක්‍රටික්’ පක්ෂය පසුගිය සතියේ දී විශ්වාසභංගය ගෙනා අතර ස්ටෙෆාන් ලෝවන් අගමැතිවරයා ස්වීඩන ඉතිහාසයේ විශ්වාසභංගයකින් පරාජයට පත්වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
මෙහි එහි ඡන්ද විමසීම අද පැවැත්විණි.

ස්වීඩන පාර්ලිමේන්තුව මන්ත්‍රී ආසන 349කින් සමන්විත අතර විශ්වාසභංගයට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන් 181 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ස්වීඩන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග 11ක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ සියල්ලම පරාජයට පත්ව ඇත.

Leave A Reply

Your email address will not be published.

2 × four =