බාල වයස්කාර දැරියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රා: සභාවේ හිටපු සභාපති සාරුව සුනිල් ඇප ඉල්ලයි

බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි චෝදනා ප්ප්පු වී වසර 15ක සිර දඬුවම් නියමවී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබේ.

සාරුව සුනිල්ගේ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන විනිසුරු වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළේය.

ජුලි මස 20 වනදා මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කළේය.

2012 වසරේ සිය බලය පැවති සමයේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබීය.

මෙම දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත්කර ඇති හෙයින් එම ඇපෑල විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් එම ඇප පෙත්සම ඉදිරිපත් කළේය.

 

Leave A Reply

Your email address will not be published.

two × 4 =