සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විවිධ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධතා රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියේය.

පක්ෂ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ මුලිකත්වයෙන් එම විරෝධතාව අද උදෑසන පිටකොට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මුලස්ථානය අසලින් ආරම්භ වු වී පාර්ලිමේන්තු වට රවුම දක්වා පැමිණ එතැන් සිට පාගමනින් පාර්ලිමේන්තු පිවිසුම දක්වා පැමිණියේය.

විරෝධතාව සඳහා සහභාගි වන මන්ත්‍රීවරුන් බස් රථ, ත්‍රීරෝද රථ, යතුරුපැදි, බැකෝ යන්ත්‍රි සහ ට්‍රැක්ටර් රථ වැනි විවිධ වාහන වලින් පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

 

ඡායාරුප අන්තර්ජාලයෙන්

Leave A Reply

Your email address will not be published.

17 − one =