ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා මීට සුළු වෙලාවකට ප්‍රථම භාරදී තිබේ.

විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අද (22) පෙරවරුවේ එම විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එම විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අත්සන් තබා තිබේ.

කරුණු 10ක් පදනම් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පසුගියදා විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළේය.

Leave A Reply

Your email address will not be published.

3 × 3 =