“පරිසරවේදීන් කියන තරම් හානියක් උතුරු පළාතේ වෙරළ තුළ කැස්බෑවන්ට සිදු වී නෑ”

දිනපතා රටේ විවිධ පළාත් වළ වාර්තා වන කැස්බෑ මරණ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසන්නේ දකුණු පළාත තුළ වාර්තා වන අන්දමේ සාගර ජීවි හානි සිදුවන්නේ නැති බවයි. පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයේ හානියක් උතුරු පළාතේ වෙරළ තුළ සිදු නොවන බවද අමාත්‍යවරයා පවසයි.

පසුගිය සමය පුරාවට ශ්‍රී ලංකාවේ සාගර කලාප අශ්‍රිතව ජීවත් වෙන කස්බෑවන් හා ඩොල්පින් මෙන්ම පිළිස්සුනු ඩොල්පින් ද ඇතුළු තවත් සාගර ජීවින්ගේ මිය ගිය සිරුරු වෙරළවලට ගොඩ ගසා තිබුණු බව ධීවරයන්, පාරිසරික ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය දිගින් දිගටම කරුණු හෙළි කරමින් සිටියේය.

මේ වන විට 40කට අධික කැස්බෑවන් පිරිසක් ගොඩ ගසා ඇති බවද පවසන අමාත්‍යරයා සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන ඡායාරූප විවිධ පිරිස් විසින් අන්තර්ජාලයෙන් ලබාගෙන පළ කරන ඒවා බවද සඳහන් කරයි.

මෙය අලුත් තත්වයක් නොවෙයි – ඇමති චමල්

මේ අතර පසුගිය දා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසුවේ කැස්බෑවුන්, තල්මසුන් වැනි මුහුදු ජීවීන්ගේ මළසිරුරු යම් යම් කාලවලදී විශාල ලෙස වෙරළට ගොඩ ගැසීම සිදුවන බවත්, මෙය අලුත් තත්වයක් නොවන බවත්ය.

චමල් රාජපක්ෂ ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකා වටා මුහුදු තීරයේ නැව් 300 – 400 අතර ප්‍රමාණයක් ගිලී ගොස් ඇති බවයි. එම ස්ථානවල මේ වනවිට ගල්පර නිර්මාණය වී ඇති බවත්, මුහුදු ජීවීන් බිත්තර දැමීම සඳහා වැනි කාර්යයන් සඳහා එම ස්ථාන භාවිතා කරන බවත්ය.

Leave A Reply

Your email address will not be published.

5 × 3 =