රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ ආරක්‍ෂකයකුගේ වෙඩි පහරින් අයෙක් මරුට

රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් ගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිටදී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ, එම වෙඩි තැබීමෙන් වැලි ටිපර්රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
අද (21) සවස 5.10ට පමණ වෙඩි තැබීම සිදුව තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට දින කිහිපයකට පෙර පොලිස් නිලධාරියා සහ ටිපර්රථ රියදුරු සමඟ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, අද දිනයේ දී අදාළ ටිපර්රථ රියදුරු ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටිය දී පොලිස් නිලධාරියා විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.

මේ වන විට මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මඩකලපුව රෝහලේ තබා ඇති අතර අදාළ පොලිස් නිලධාරියා ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

fifteen − 8 =