“පාස්කු ප්‍රහාරයත් එක්ස්ප්‍රස් පර්ල් ගින්නත් දැන දැන මඟහැරි දෙයක්?, කෝ අපේ බුද්ධි අංශ”

පාස්කු ඉරිදා ප්‍රහාරයත් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් දැන දැන මඟහැරිය දෙයක් දැයි ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රශ්න කර සිටී.

ඊයේ (20) දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ඇල්ලේ ගුණවංශ හිමියන් මේ අදහස් පළකරනු ලැබූ අතර ආරක්ෂාව පිළිබඳව පොරොන්දු දෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව යටතේ රටේ ආරක්ෂාවේ කිසිදු ප්‍රගතියක් සිදුව නැතැයිද උන්වහන්සේ පවසයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වන ඇල්ලේ ගුණවංශ හිමියන්
” පසුගිය කාලයත් එක්ක සංසන්දනය කරද්දි ඇත්තෙන්ම රටේ ආරක්ෂාවේ ප්‍රගතියක් වෙලා නෑ. ඒකට ප්‍රධානම සාධකය තමයි එක්ස්ප්‍රස් පර්ල් ගින්න. මේක පැහැදිලි ත්‍රස්තවාදයක්මයි. ඩොල්පින්, කැස්බෑවන් වැනි මුහුදු ජීවීන් මහාපරිමාණයෙන් මෙහෙම මැරෙන්නේ ඇයි කියලා සාමාන්‍ය ධීවරයෙක්ගෙන් ඇහුවොත් කියයි. මේක පිටි පස්සේ විශාල මුදල් ගනුදෙනුවක් තියෙනවද? දැන දැන මඟහැරිය දෙයක්ද? කෝ අපේ බුද්ධි අංශ. කෝ අපේ ආරක්ෂක අංශ? අපේ බුද්ධි අංශ නොදැනද නැව් අපේ රටට එන්නේ?” යනුවෙන් පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.

16 + 17 =