මීතිරිගල, රන්වල නෙල්නා කර්මාන්තශාලාවේ ආසාදිතයන් 100 කට ආසන්නයි

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මීතිරිගල, රන්වල පිහිටි නෙල්නා කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 92කට පසුගිය ජුනි 10 දා කොරෝනා ආසාදනය වීමෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
ආයතනයේ කාර්ය මණ්ඩලය තුන්සියයක් දෙනා පී සි ආර් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බව පවසයි .
සේවකයින් 350 කට ආසන්න සේවය කරන මෙම කර්මාන්ත ශාලාවේ ඉන් පසුව කරන ලද පී සි ආර් පරීක්ෂණ කිහිපයකින් ද හය දෙනෙක් හත්දෙනික් පමණ කොරෝනා ආසාදනය වුවන් හඳුනාගෙන තිබේ.

තවද එම ආයතනයේ කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් ලබා දෙන තුරු තාවකාලිකව නතර කරන ලෙසට උපදෙස් ලබා දුන් බව ද වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය එම දිනයේ සඳහන් කළද ප්‍රදේශවාසින් පවසන්නේ එදින සිටම කර්මාන්තශාලාව තුළ වැඩ කරන බවයි.
මෙම හඳුනා ගත් කොරෝනා අසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝදායනයට ලක්කර ඇති බවද වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.

five × three =