අනුන්ගෙන් සැනසීම නොසොයා අපි අපෙන් සැනසීම සොයමු !

මේ ජීවන ගමන අතරමඟ අපට විවිධ අවස්ථාවල සිදු වන විපත්, කරදර නම් අනන්තයි, අප්‍රමාණයි. එය ලොකු කුඩා, ගැහැනු පිරිමි භේදයකින් තොරව ඇති වන සාමාන්‍ය කරුණකි. ඉතින් එම විපත්, කරදර මැද ඇති වන සිත් රිදීම් නම් කෙතරම් දැයි කියා නිම කළ නොහැකි තරම් ය. එකී සියලු සිත් රිදීම් සියල්ලටම අපේ ජීවිතය කඩාකප්පල් කරන්නට නම් කොහෙත්ම අපට ඉඩ දිය නොහැකි ය.

නමුත්, වර්තමානය වන විට තරුණ තරුණියන් අතර දරා ගැනීමේ ශක්තියේ මඳ බවක් මෙන්ම ප්‍රශ්න විසඳාගෙන ජීවිතය ගොඩනඟා, ඉදිරිය යහපත් කර ගැනීමේ දුර්වලතාවක් පවතින බව සමාජය තුළ සිය දිවි හානි කර ගැනීම්, සිය දිවි හානි කර ගැනීමට තැත් කිරීම් වැනි ක්‍රියාවන් වැඩි වශයෙන් අසන්නට, දකින්නට ලැබීම තුළින් අපට පසක් වේ. එසේම තරුණ පිරිස් අතරේ මෙසේ සිය දිවි හානි කර ගැනීම්වලට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ, ප්‍රේම සබඳතා දෙදරා යාම් බව කනගාටුවෙන් වුව ද පැවසිය යුතුම කරුණකි. ඔබ මොහොතක් ඔබේ හිතට තට්ටු කොට බලන්න. මෙසේ ඔවුන් සිය වටිනා ජීවිතය පවා අහිමි කර ගනු ලබන්නේ අනුන්ගෙන් සැනසීමක් සොයන නිසා නොවේ ද?

මට, ඔබට අප කාටත් විවිධ ගැටලුවල දී අපගේ මානසික මට්ටම් බිඳවැටීම් හේතුවෙන් ජීවිත හානි කර ගැනීම් ආදී මුග්ධ තීරණ ගැනීමට හැඟෙන අවස්ථා තිබේ. නමුත්, අප කල්පනාවට ගත යුතු කරුණ නම්, මට වටිනා ජීවිතයක් ලැබී තිබෙනවා නේ ද? ඇස්, කන්, නාසාදී වූ ඉන්ද්‍රියයන් මෙන්ම අත පය හතර මගේ හොදට තිබෙනවා නම් කුමට ද අන් අයගෙන් මට සැනසීමක් යන්නයි.

ඇතැම් විට මට, ඔබට අප කාටත් විවිධ ගැටලුවල දී අපගේ මානසික මට්ටම් බිඳවැටීම් හේතුවෙන් ජීවිත හානි කර ගැනීම් ආදී මුග්ධ තීරණ ගැනීමට හැඟෙන අවස්ථා තිබේ. නමුත්, අප කල්පනාවට ගත යුතු කරුණ නම්, මට වටිනා ජීවිතයක් ලැබී තිබෙනවා නේ ද? ඇස්, කන්, නාසාදී වූ ඉන්ද්‍රියයන් මෙන්ම අත පය හතර මගේ හොදට තිබෙනවා නම් කුමට ද අන් අයගෙන් මට සැනසීමක් යන්නයි. ජීවිතයේ විවිධ කාලවල දී අපට විවිධ ආගන්තුකයන් හමු වේ. එසේම විවිධ බැඳීම් ඇතිවනවා මෙන්ම බැඳීම් නැති වීම ද සිදු වේ. බැඳීම් හමුවේ සතුටු වනවා මෙන්ම එම බැඳීම් බිඳීම් වන විටත් සිනාමුසු මුහුණෙන් දරා ගැනීමට අප අපගේ සිත ශක්තිමත් කර ගත හැකි නම්, අපේ ජීවිත මොන තරම් නම් සුන්දර වේවි ද? ගංගාවක් බාධක මැදින් ගලනා විට කෙතරම් නම් චමත්කාරජනක ද? මොන තරම් නම් සුන්දර ද? එනිසා අපේ ජීවිතවලටත් පැමිණෙන කටුක, අමිහිරි බාධක ජීවිතයට ආශීර්වාදයක් කර ගත්තා නම්, අපේ ජීවිතත් නිසැකවම සුන්දර වේවි. එබැවින්, අනුන්ගෙන් සොයන සැනසුම වෙනුවට අපි අපෙන්ම සැනසීම සොයා ගන්නට උත්සහ කරමු.

ශානුක කුමාරසිංහ
Leave A Reply

Your email address will not be published.

2 × three =