කුරුණැගල මහනගර සභාවේ 32 ට කොවිඩ්, මින් බහුතරය සයිනොෆාම් පළමු මාත්‍රාව ගත් අය

කුරුණැගල මහනගර සභාවේ සේවකයින් 147 දෙනෙකුට සිදු කළ PCR පරික්ෂණවලින් පුද්ගලයින් 32 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මීට දින කිහිපයකට පෙර සේවකයින් කිහිප දෙනෙකුට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් PCR පරීක්ෂණ සිදු කර තිබේ.

මෙම කොවිඩ් ආසාදනය වූ 32 දෙනා අතරින් සේවකයින් බහුතරය සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන ඇති අය බව ද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

fourteen − 4 =