සංචරණ සීමා ඉවත් නොකර ලෙස ජනපතිගෙන් ඉල්ලයි

හෙට (21) දිනයේ සිට ලිහිල් කිරීමට සුදානම් වන සංචරණ සීමා ඉවත් කිරීම සිදු නොකරන ලෙසත් එය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ, මෙලෙස දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුගිය අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් සිදුවනු ඇතැයි ද එම සංගමය පෙන්වාදෙයි.

සංචරණ සීමා ලබන 28 වෙනි දින දක්වා හෝ දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබුනද ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින තුනකට සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නොවන බවද එම සංගමය පවසයි.

මෙසේ තිබියදීත් දෛනිකව නව ආසාදිතයින් 2,000 වැඩියෙන් හදුනාගැනීම සහ මරණ 50 ඉක්මවා වාර්තා වන බවත් ඒ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයද මෙරටින් හමුවීමෙන් පවතින අවදානම තවදුරටත් ඉහළ යන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

 

Leave A Reply

Your email address will not be published.

fifteen − 15 =