හෙට සංචරණ සිමා ඉවත් කළද රටම අධි අවදානම් කලාපයක්!

ඉකුත් මැයි 23 සිට ජුනි 06 වෙනිදා දක්වා සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් එළිදක්වා තිබේ.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණනය කර මෙම වාර්තාව සකසා තිබේ.

මෙම සති දෙක තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත්තේ කොට්ඨාස දෙකකින් පමණක් වන අතර අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇත්තේ කොට්ඨාස හයක් පමණි.

මේ හැර රටේ සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස හඳුන්වා තිබේ.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,169ක් හඳුනාගෙන ඇති අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසන්න වශයෙන් දිනකට මරණ 50 ක් පමණ වාර්තා වෙන අතර මෙරටදී තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ ගණන 2,534ක් බව ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කළේය.

 

Leave A Reply

Your email address will not be published.

3 × 4 =