මංගල – දයා ගමගේ ගැටුමත් කරළියට

මේ වන විට තමන්ට භාර දී ඇති කටයුතු ඒ අයුරින්ම සිදු කිරීමට නොහැකි වී ඇත්තේ මුදල් අමාත්‍යාශය විසින් කරන බාධා කිරීම් නිසා බව අමාත්‍ය දයා ගමගේ පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සමෘද්ධි නිලධාරීන් 5000කට පත්වීම් ප්‍රධානය කිරිමී උත්සවය අමතමිනි. 

”අපිව නවත්වනවා නම් නවත්වන්නේ මුදල් අමාත්‍යාංශයෙන් පමණයි. මම දන්නේ නැහැ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට මොනවා ගිහින් දැම්මත් බැහැ කියලා කියන්නේ.” 

“අපි වැඩ කරගෙන යනකොට සල්ලි හොයා ගන්න පුළුවන්. මුදල් හම්බකරන හැටි අපි දන්නවා. මුදල් හම්බකරන්න තියෙන අමාරුව දන්නා නිසා කවදාවත් මම අනවශ්‍ය ආකාරයට මුදල් වියදම් කරන පුද්ගලයෙක් නෙවෙයි. සම්පුර්ණයෙන්ම මේ ඔක්කොම ටික දුවන්න මට ගොඩක් සෙනග ඕනේ නැහැ. 3500ක් හිටිය නම්  ඇති. මට 27000ක් ඉන්නවා. කොයි තරම් වේගෙන් දුවන්න පුලුවන්ද 3500ක් ඕන වැඩේට 27000ක් දීලා තියෙන නිසා” යනුවෙන් අමාත්‍ය වරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත් දයා ගමගේ ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිල නියෝජනය කරන අතර මංගල සමරවීම නියෝජනය කරන්නේ සජිත් පිල වීම මේ ගැටුමට හේතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

four + eighteen =