ආණ්ඩුවේ නොසැලැකිල්ල හමුවේ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ මැදිහත්වීම

වර්තමානයේ 60,000ක් උපාධිධාරීන් සඳහා වර්තමාන ආණ්ඩුව රැකියා ලබා දෙන බව පොරොන්දු වී ගැසට් පත්‍ර නිකුත් කළ ද, එයින් ද අසාධාරණයට පත් පිරිස මේ වන විට බොහොමයකි.

ෑඔත්‍ල ෑඡත්‍ ගැටලුව, විශ්වවිද්‍යාලවලින් ප්‍රතිඵල ප්‍රමාද වීමේ ගැටලුව, වයස අවුරුදු 45 ඉක්ම වූ පිරිසගේ ගැටලුව හා ඌන සේවා ගැටලුව යන ගැටලු මතු කරමින් මේ වන විට ආණ්ඩුව උපාධිධාරීන් පිරිසගේ රැකියා අහිමි කොට තිබේ. මේ වන විට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සිදු කරන ලද සාකච්ඡාවන්ට අනුව අවස්ථාවන් හතරක දී රැකියා අවස්ථා හිමිකොටගෙන ඇති අතර, තවත් පිරිසකගේ අභියාචනා මේ මොහොතේ දී පරීක්ෂාවට ලක් වෙමින් පවතී.

ඔවුන්ට රටේ උපාධිධාරීන්ගේ ගැටලුව අදාළ ම නැත ඔවුන්ට වටින්නේ රටෙන් කොටසක් චීනයට ලබා දීම සඳහා මහජන විරෝධය මැද කටයුතු කිරීම පමණි. තම රැකියා අවස්ථා ඉල්ලා පාරට බහින උපාධිධාරීන් ගැන වගේවගක් නැතුව කටයුතු කරන්නේ එබැවිනි.

එය එසේ වී තිබිය දී, තවත් පිරිසකගේ රැකියා අයිතිය අහිමි කොට ඇත්තේ, දේශපාලන අධිකාරියයි. එයට විරුද්ධව පසුගිය අප්‍රේල් 22 දින ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිදු කළ උද්ඝෝෂණයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් අප හට පොරොන්දු වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා හා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා එම අමාත්‍යාංශයේ ලේකම් යන පිරිස් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡාවක් අප්‍රේල් 30 වනදා ලබා දීමට ය.

එය එසේ වී තිබිය දී, නැවත කොරෝනා තත්ත්වය උත්සන්න වීම නිසා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංවිධානය වෙත ලබා දුන් සාකච්ඡාව මේ වන විට දින නියමකින් තොරව කල් ගොස් තිබේ.

සෞඛ්‍ය හේතූන් මත වසා දමා තිබූ කැස්බෑව, පිළියන්දල නගර තම පෞද්ගලික වුවමනාවන් මත විවෘත කිරීමට ආණ්ඩුව හා ආණ්ඩුවේ ඇමතිවරුන් සංචරණ සීමා කඩ කරමින් කටයුතු කරද්දී ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳරක්’ පවත්වමින් ජනතාව ඒකරාශී කරද්දී, පෝට් සිටි නගරය චීනයට පවරා දීම සඳහා ලහිලහියේ පාර්ලිමේන්තුව කැඳවා කිසිදු සෞඛ්‍ය උපදේශයක් හෝ ක්‍රියාමාර්ගයක් නොගෙන ඒවා සිදු කරන්නට පුළුවන් නම්, තම රටේ පුරවැසියන්ගේ ගැටලුවක් වන උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංවිධානයේ නියෝජිතයන් 6 දෙනෙක් සහ ආණ්ඩුව හා රජයේ පාර්ශ්වයෙන් 4 දෙනෙක් සම්බන්ධ කර ගනිමින් කරන සාකච්ඡාව මඟහරිමින් සිටින්නේ හිතාමතා බව අපගේ හැඟීමයි. ඔවුන්ට රටේ උපාධිධාරීන්ගේ ගැටලුව අදාළ ම නැත ඔවුන්ට වටින්නේ රටෙන් කොටසක් චීනයට ලබා දීම සඳහා මහජන විරෝධය මැද කටයුතු කිරීම පමණි. තම රැකියා අවස්ථා ඉල්ලා පාරට බහින උපාධිධාරීන් ගැන වගේවගක් නැතුව කටයුතු කරන්නේ එබැවිනි.

ආණ්ඩුව දිගින් දිගටම උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් වගේවගක් නැතුව කටයුතු කිරීම රැකියා විරහිත උපාධිධාරීන්ට නායකත්වය දෙන සංවිධානයක් වන අපට බලා සිටිය නොහැකි ය. මේ සංචරණ සීමා මැද්දේ වුව ද, ආණ්ඩුවට එරෙහිව විරෝධයක් ගෙනෙන්නට එම කටයුතු කළේ එනිසාය.

දේශීයත්වය රකින්න දේශීය දේ රැකගන්න කටයුතු කරනවා කියා පැමිණි ආණ්ඩුව ශ්‍රී ලංකාවට ආවේණික වූ දේශීය වෛද්‍යවරුන් වන සිද්දි, යුනානි හා සිංහල ආයුර්වේද වෛද්‍ය උපාධිය සහිත වෛද්‍යවරුන් 700කට වඩා වැඩි පිරිසකට මේ වන විටත් රැකියා අවස්ථාව ලබා නොදී වසර ගණනාවක් අතරමං කොට තිබේ ඒ පිළිබඳව ආණ්ඩුවත්, ආණ්ඩුවේ බලධාරීහුත් වගේවගක් නැතුව කටයුතු කරති.

රටේ ගුරුවරුන්ගේ හිඟයක් සෑම පළාත් සභාවක ම මේ වන විටත් ඇති වෙමින් තිබේ. ගුරු පුරප්පාඩු සහිත පාසල් විශාල ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක වේ. නමුත්, ආණ්ඩුව මෙම ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව නිසි ක්‍රමවේදයක් මේ වන විටත් අනුගමනය කරමින් සිටින බවක් පෙනෙන්නට නැත. දකුණු පළාත් සභාව, බස්නාහිර පළාත් සභාව සහ නැඟෙනහිර පළාත් සභාව උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එම ගැසට් නිවේදන තුළ ද යම් යම් ගැටලු මතු වී තිබේ දකුණු පළාත් සභාව තුළ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 35 දක්වා අඩු කොට තිබේ. එය සාධාරණ නැත එය අවුරුදු 45 දක්වා වැඩි කළ යුතු ය. මීට පෙර බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ වයස් සීමාව ද උල්ලංඝනය කරමින්, මේ වන විට ඔවුහු කටයුතු කරමින් සිටිති. මේ සියලු කාරණා පිළිබඳව පළාත් සභාවල ආණ්ඩුකාරවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා අපි ලිඛිතව දන්වා ඇත්තෙමු. එපමණක් නොව මේ වන විටත් ගැසට් නොකර තිබෙන පළාත් සභා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අප සංවිධානය විසින් ඉල්ලා තිබේ. ඊට අවශ්‍ය සාකච්ඡාවක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංවිධානය ඉල්ලා ඇතත්, තවමත් එයට ක්‍රියාමාර්ග ගෙන නොමැත.

අප සටන් කරන්නේ හිතුමතේ නොව අප සටන් කරන්නේ ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඊට අදාළ සියලු කටයුතු සිදු කිරීමෙන් පසුව ය. ඊට අවස්ථාව ලබා නොදීම නිසා ය ආණ්ඩුවත්, ආණ්ඩුවේ මත හසුරුවනු ලබන කණ්ඩායමුත් උපාධිධාරීන් රටට බරක් යැයි ද, පිනට රැකියා ගන්න බලා ඉන්නවා යැයි ද අපට එරෙහිව විවේචන ගොඩ නගමින් සිටිති; 01 වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ උගන්වා ඔවුන්ට රජයෙන්ම

රැකියා ලබා දීම රජයේ වගකීමක් නොවන බවට මතයක් පළ කරමින් සිටිති. රාජ්‍ය මුදල් වියදම් කරමින් මේ රටේ දරුවන්ට ඉගැන්නුවේ රාජ්‍යය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන මානව සම්පත් හදා ගැනීම සඳහාය. විශ්වවිද්‍යාලවලින් පිට කරනු ලබන්නේ රටේ අනාගත සංවර්ධනයට දායක කර ගත හැකි උසස් මානව සම්පතකි. ඔවුහු රාජ්‍ය අරමුණට සුදුසු ලෙස ගොඩනඟන ලද මානව ශ්‍රමිකයෝ ය. එය එසේ නොවන්නේ නම්, එය ආණ්ඩුවේ වරදකි; ආණ්ඩුවේ අසමත්කමකි. තිබෙන අවස්ථාව ශිෂ්‍යයන් විසින් භාවිත කර තිබේ. නමුත්, මේ ආණ්ඩුව හෝ මීට පෙර පැවැති ආණ්ඩු හෝ රටේ ජනතාවගේ මුදල් වියදම් කරමින් බිහි කළ උපාධිධාරියා රටට බරක් යැයි ප්‍රකාශ කරන්නේ නම්, එයින් ප්‍රකාශ වන්නේ ආණ්ඩු ජනතාවගේ බදු මුදල් නාස්ති කර ඇති බවයි. මෙයින් කියැවෙන්නේ වත්මන් ආණ්ඩුව සහ පැවැති ආණ්ඩු අසාර්ථක බව නොවේ ද? රටේ උගත් දරුවන්ට රැකියා දෙන්නට බැරි ආණ්ඩුවට එරෙහිව බදු ගෙවන ජනතාව නැඟී සිටිය යුතු නොවේ ද? ඒ වෙනුවෙන් ජනතාවගේත්, පාලකයන්ගේත් ඇස්, කන් ඇරෙන්නට අපි කටයුතු කරමින් සිටිමු.

මෙම අභියෝගය හමුවේ ආණ්ඩුවේ බලධාරීන්ගේ ඇස් කන් ඇරෙන්නටත්, ජනතාවට උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳව සත්‍යය අවබෝධ කර දීමටත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංවිධානය විසින් පසුගිය ජුනි 9 වනදා ධබකසබැ උද්ඝෝෂණයක් පැවත්වනු ලැබී ය. ඉන් නොනැවැතුණු එම සංවිධානය ජුනි 14 සිට 20 දක්වා විරෝධතා සතියක් නම් කර ගනිමින් ආණ්ඩුවට බල කර සිටින්නේ උපාධිධාරීන් 60,000කට රැකියා ලබා දෙනවා යැයි පොරොන්දු වුව ද, තවම ලබා දී ඇත්තේ, පනස්දාහකට මඳක් වැඩි සංඛ්‍යාවකි. තවමත් ඉතිරි වී ඇති රැකියා අවස්ථා ගණන හත්දහසකට වැඩි ය. එම රැකියා ලබා නොදීම නිසා අසාධාරණයට පත් උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දෙන ලෙසත්, 2020 වසරේ ජනවාරි මස 01 වනදායින් පසු විශ්වවිද්‍යාලවලින් පිට වූ සියලු උපාධිධාරීන් රැකියාවල පිහිටුවන ලෙසත්, උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, උපාධියට සුදුසු රැකියා අවස්ථා ලබා දෙන ලෙසත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංවිධානය ආණ්ඩුවට මේ වන විට බල කරමින් සිටියි.

මහේෂ් අඹේපිටිය
රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

 

Leave A Reply

Your email address will not be published.

5 × 5 =