කොරෝනාවට වසං වී පාසල් පද්ධතියට පැනගත් ජංගම දුරකතනය

කොරෝනා හෙවත් කොවිඩ්-19 ගෝලීය වංසගතයක් බවට පත් වී හමාර ය. මේ වසංගත තත්ත්වය මිනිසාගේ පැවැත්මට ඉතාමත් හානිකර ලෙස බලපෑම් කර ඇති බව අමුතුවෙන් කිවමනා නොවේ. මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අතිප්‍රබල වසංගත තත්ත්වයක් වන මෙයින් මිනිසාගේ ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික ආදී සෑම අංශයකට ම දැඩි ලෙස හානි පමුණුවා ඇත.

මේ වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු අඩාළ වීම අවුරුද්දකට අධික කාලයක් ගත වුවත්, යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී තිබේ. මේ තත්ත්වය යටතේ නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙන මාතෘකාවක් නම්, ‘ඔන්ලයින්’ අධ්‍යාපනික රටාවයි. දියුණු වෙමින් පවතින රටක් වන අප රටට මේ අධ්‍යාපන රටාව නව මුහුණුවරකින් පැමිණි නව ක්‍රමයකි. මේ ක්‍රමය හරහා සිදු වූයේ පාසල් සිසු සිසුවියන් අතට ජංගම දුරකතනය පැමිණීමයි. පාසල් සිසු සිසුවියන්ට ජංගම දුරකතනය අනවශ්‍ය දෙයක් වී තිබුණු යුගය නිමා කරමින්, කොරෝනාවට මුවා වී ජංගම දුරකතනය ලැබී ඇත්තේ, ‘වඳුරාට දැලි පිහිය අහු වුණා වගේ’ යන්න මතක් කර දෙමිනි. එදා වේල සරි කර ගන්නට කුළී වැඩට යන පියාගේ ද අරමුණක් වී ඇත්තේ, කෙසේ හෝ තම දරුවාට ජංගම දුරකතනයක් රැගෙන දීමයි. ඒ තරමට මේ ජංගම දුරකතනය වර්තමානයේ පාසල් සිසු සිසුවියන්ට සමීප වී ඇත්තේ, අධ්‍යාපනයේ යහපතට වඩා අයහපත් ප්‍රතිඵල ද ළඟා කර දෙමිනි.

ජංගම දුරකතනය අවභාවිතයෙන් දරුවා මුදා ගැනීම, දරුවාට අධ්‍යාපන කටයුතුවලට අත්‍යවශ්‍ය වේලාවට පමණක් දුරකතනය ලබා දීම, ඔවුන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටීම, ගුරු-දෙගුරු සබඳතා මැනැවින් පවත්වාගෙන යාම වැනි දෑ පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. අධ්‍යාපනය සඳහා දුරකතනය ලබා දී තම අවධානයෙන් දරුවා හෝ දැරිය මුදාහැරීම තරම් වරදක් තවත් නැති තරම් ය.

අනාගතය එළිය කරනුවස් තම දෝතින්ම දරුවන්ට පිදූ මේ තාක්ෂණික මෙවලමෙන් දරුවන්ගේ ජීවිත අඳුරු නොවීමට වගබලා ගැනීම වර්තමානයේ දෙමාපියන් හට පැවරෙන වගකීමක් වේ. ජංගම දුරකතනය අවභාවිතයෙන් දරුවා මුදා ගැනීම, දරුවාට අධ්‍යාපන කටයුතුවලට අත්‍යවශ්‍ය වේලාවට පමණක් දුරකතනය ලබා දීම, ඔවුන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටීම, ගුරු-දෙගුරු සබඳතා මැනැවින් පවත්වාගෙන යාම වැනි දෑ පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. අධ්‍යාපනය සඳහා දුරකතනය ලබා දී තම අවධානයෙන් දරුවා හෝ දැරිය මුදාහැරීම තරම් වරදක් තවත් නැති තරම් ය.

වර්තමානයේ අපට දකින්නට, අසන්නට ලැබෙන පාසල් දරුවන්ගේ නොමනා ක්‍රියා රැසකටම හේතුව ජංගම දුරකතනයයි. දැන් කිසිදු බියකින් සැකයකින් තොරව තම පාසල කරා ද මේවා රැගෙන යාම දරු දැරියන් විසින් පුරුද්දක් කරගෙන තිබේ. සමාජ මාධ්‍ය ජාලා භාවිතය, තම පාසල් ඇඳුමෙන් ‘ටික් ටොක්’ කිරීම, අසංවර හැසිරීම් රූගත කර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරීම වැනි සිද්ධි රැසක් පසුගිය කාල වකවානුවේ දැකගත හැකි විය. මෙයට ප්‍රධාන සාධකය වන්නේ දරුවන්ගේ ජංගම දුරකතන අවභාවිතයයි. එබැවින්, දෙමාපියන්, ගුරුවරුන් දූ දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යෙදිය යුතුව තිබේ. එය එසේ නොවුණහොත්, විනාශ වී යන්නේ රටේ අනාගතය භාර ගැනීමට ඉන්නා අපේ ම දූ දරු පරපුරයි.

කාංචනා මදුෂානි

 

 

 

Leave A Reply

Your email address will not be published.

4 × one =