කෙනත් කවුන්ඩා මියයයි

යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්‍රිකානු නායකයින්ගේ පරම්පරාවේ අවසානය සනිටුහන් කරමින් කෙනත් කවුන්ඩා මහතා අද මියගියා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 97 ක්.
1950 දශකයේදී උතුරු රොඩේෂියාව යනුවෙන් හැඳින්වූ සැම්බියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලනයෙන් මුදා ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ නායකයෙකු වූ කවුන්ඩා නිදහස ලබා ගැනීමෙන් පසු එරට පළමු ජනාධිපතිවරයා බවට පත්වුණා.
වාමාංශික එක්සත් ජාතික නිදහස් පක්ෂයේ (යුනිප්) නායකයා වූ කවුන්ඩා දශක ගණනාවක් තිස්සේ තනිපක්ෂ ක්‍රමයක් යටතේ සැම්බියාව පාලනය කළා. නමුත් 1991 දී පැවැත්වුණු බහුපක්ෂ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු ඔහු ඉල්ලා අස්වුණා. මුලින් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළත් ඔහු ලෝක නායකයන් අතර ප්‍රසංසාවට ලක් වූ පාලකයෙක්. අප්‍රිකානු මහාද්වීපය නවීන ලෝකය සමඟ එක්කිරීමට ඔහු විශාල උත්සාහයක් දැරුවා.
ශානක ලියනගම – (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

one × 2 =