“ටීවි එකට කතා කරන එක්ස්ප්‍රට්ලා මේක දන්නේ නෑ” – ජනාධිපති , “සර් මේක කුමන්ත්‍රණයක්” – පාදෙණිය

කොවිඩ් මරණ වාර්තා සඳහන් යම් දන්ත නිවැරදි නොවන බවත් ඇතැම් මරණ දෙවතාවක් සඳහන්ව ඇති බව බුද්ධි අංශ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව කොවිඩ් මර්දන විශේෂ කමිටුවට සහබාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදි මෙම කරුණු අනාවරණය කළේය.

මරණ 101 ක් වාර්තා වූ දවසෙ එහි පළමු මරණය පෙබරවාරි 06 මිය ගිය කෙනෙක්. එහි පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වි ඇති බවයි.

මේ අතරින් ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගෙන ඇති අතර ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිවරයා මෙහි දී පැවසීය.

ජනාධිපතිවරයා මේ පිලිබඳ පැවසුවේ
.“ජූනි 14 රට අරින්න හිටියා. එකපාරටම 11 වෙනිදා 101 දෙනෙක් මැරුණා කියලා වාර්තාව ආවා. මේක ඇහුවහම හැමෝම බයවෙනවා. බුද්ධි අංශයට කිව්වා ගෙයින් ගෙට ගිහින් මේ ගැන හොයලා දෙන්න කියලා. ජූනි 11 මැරුණහම 10 වෙනිදා රාත්‍රී 12 ඉදලා 11 වෙනිදා රාත්‍රී 12 දක්වා නේ වාර්තා කරන්න ඕනේ. එදා වාර්තා කළ පළමු එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරී මාසේ 6වෙනිදා. ආදාහනය කරලා තියෙනවා එදාම. මරණ සහතිකයකුත් දීලා තියෙනවා. ඊළඟ කෙනා අවුරුදු 67යි. හෝමාගම එක්කෙනෙක්. මෙයා මරණයට පත්වෙලා තියෙන්නේ අප්‍රේල් 1 වන දා. වාර්තා කරන්නේ ජූනි 11වෙනදා. 9වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනාමයි. ඒකත් මේ 101කට අයිතියි. මම මේක බැලුවට ටීවි එකට කතා කරන එක්ස්ප්‍රට්ලා දන්නේ නෑ නේ. මම කිව්වා මේක පහුගිය හරි තැන්වලට දාන්න කියලා. ඔය 101 ක් මැරුණ කිව්ව දවසෙ හරියටම මැරිල ඉන්නෙ 15 දෙනයි.“ දැන් මට දෙන්නෙ නෑ මරුනෙ කවුද කියල. දැන් මට දෙන්නෙ 50, 57, කියල නොම්බර විතරයි

මේ අතර මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය .
“ඕක තමයි සර් අපි දිගටම කිව්වෙ. සර් මේ ඩේට දෙන්නෙම නෑ. මම වගකීමෙන් කියනවා මේක කුමන්ත්‍රණයක්”

Leave A Reply

Your email address will not be published.

4 × one =