2020 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙළේදී Sysco LABS සම්මානයට පාත්‍රවේ

2020 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙළේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලිය සඳහා වන හොඳම නවෝත්පාදන’ අංශයෙන් Sysco LABS ජය ලබයි.
2020 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙලේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලියේ හොඳම නවෝත්පාදන’ අංශයේ බස්නාහිර පළාත සඳහා වන සම්මානය වෙනුවෙන් Sysco LABS පසුගිය මැයි 21 වැනිදා නම් කෙරිණි. එම ගෞරවනීය සම්මානය Sysco Unified Test Automation Platform (SUTAP) කණ්ඩායම විසින් දිනාගනු ලැබිණි.
SUTAP යනු පොදු අත්හදා බැලීම් සඳහා ආයතනය පුරාම භාවිතා කළ හැකි පරිදි Sysco LABS විසින් අභ්‍යන්තර වශයෙන් නිර්මාණය කරන ලද සාමුහික පරීක්ෂණ තලයක් වේ. මෙය සිදු කර ඇත්තේ අත්හදා බැලීම් ප්‍රමිතිකරණයට හා ඒවා ඒකාබද්ධ කිරීමටත් විවිධ පාර්ශවකරුවන්ට පහසුවෙන් වාර්තා වෙත ප්‍රවේශ වීම පහසු කිරීම සහ උපකරණ පුවරු සරලව තේරුම් ගැනීමටත් ය. මෙම වේදිකාව Open Source තාක්‍ෂණය භාවිතා කිරීමෙන් ගොඩනගා ඇති අතර, එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියනයකට වඩා ඉතිරි කර ඇත.
කොළඹ Shangri-La හෝටලයේදී 2021 මාර්තු 31 වන දින පැවති SLASSCOM සංවිධානය කළ, මෙම සම්මාන උළෙලේදී SUTAP කණ්ඩායම වෙනුවෙන් තත්ව ඉංජිනේරු ප්‍රධානී – රිෆාඩ් මොහොමඩ් විසින් මෙම සම්මානය බාරගනු ලැබිණි.
නිෂ්පාදන ඉංජිනේරු, ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය හෝ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සහ ආශ්‍රිත සිදුවීම් යන අංශවලට අදාළ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාවේ කැපී පෙනෙන විසඳුම් සහ සේවාවන් හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික නවෝත්පාදන හා නවෝත්පාදකයින් ඇගයීමට මෙම තාක්ෂණ සම්මාන උලෙළ පැවැත්වුණ අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තියවේදීහු මෙම සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. කර්මාන්ත හා ජාලකරණය පිළිබඳව සිය දැනුම ඔවුහු බෙදා ගත්හ.

Sysco LABS පිළිබඳව

Sysco LABS යනු ලෝකයේ විශාලතම ආහාර ආයතනය වන Sysco සංස්ථාවෙහි නවෝත්පාදන අංශය වේ. විකිණීම, අලෙවි කිරීම, අවන්හල් සඳහා ආහාර සැපයීම සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම්, නිවාස ස්ථාපනය, නිවසින් පිටත ආහාර සකසන අනෙකුත් පාරිභෝගිකයන්ට නිෂ්පාදන සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා Sysco වේ. එම නිෂ්පාදන පවුලට ආහාර හා සත්කාර අංශයට බඩු භාණ්ඩ හා සැපයුම් සිදු කිරීමද ඇතුළත් වේ. ඒ අනුව ලොව පුරා බෙදාහැරීමේ මධ්‍යස්ථාන 326ක, 57,000කට වැඩි සේවක පිරිසක් හරහා බලගැන්වෙන මෙම සමාගම, පාරිභෝගික ස්ථාන 625,000කට වැඩි සංඛ්‍යාවකට සේවා සපයයි.
වේගවත් හා ස්ථාවර තාක්ෂණ ආරම්භයත්, කර්මාන්තකරණයේ අත්දැකීම් ඇති නායකත්වයේ සවි ගැන්වීමත් සමඟ ක්‍රියා කිරීමෙන් Sysco LABS ලෝකයේ විශාලතම කර්මාන්ත අතරින් එකක් වශයෙන් ඉහළට පැමිණීමට ක්‍රියාකරමින් පවතී.
ශ්‍රී ලංකාවේ කොළඹින් පිට ප්‍රදේශ, ඇමරිකාවේ ඔස්ටින්, හුස්ටන් හා ටෙක්සාස් වැනි ප්‍රදේශවල අපගේ ඉන්ජිනේරු කාණ්ඩ සමස්ත ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය නවීන ක්‍රමවලට සිදු කරයි. Sysco ව්‍යාපාර සඳහා ව්‍යවසාය ශ්‍රේණීන්වල තාක්ෂණයේ සිට විප්ලවීය තාක්ෂණික ක්‍රම දක්වා ආපනශාලා හා එහි ගනුදෙනුකරුවන් එහි තාක්ෂනය හා සම්බන්ධව හා කටයුතු කරන ආකාරයට හැඩ ගස්වයි.
අපගේ තාක්ෂණය වර්තමානයේ බැඳී පවතින්නේ ආහාර නිෂ්පාදන, වෙළඳාම, ගබඩා මෙහෙයුම්, ඇණවුම් ස්ථානගත කිරීම සහ මිල නියම කිරීමේ ගණිත ක්‍රම, ආහාර සැපයුම් ක්‍රියාවලිය තුළ Sysco හි ගෝලීය ජාලයට ආහාර සැපයුම සහ අවන්හල් තුළ සියලු ගනුදෙනුකාර පාර්ෂවයන්ට විශිෂ්ඨ ගණයේ ආහාර ගැනීමේ ප්‍රයෝගික අත්දැකීමක් විඳගැනීමට ඉඩ සලස්වාදීමෙනි.

Leave A Reply

Your email address will not be published.

seven − two =