අනූෂ පැල්පිටත් ඉල්ලා අස්වෙයි !

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් අනූෂ පැල්පිට ඉල්ලා අස් වී තිබේ.

ඒ පිළිබදව කළ විමසීමකදී ලේකම්වරයා අදාළ කරුණ තහවුරු කළේය. කර්මාන්ත අමාත්‍යාංශය භාර ඇමතිවරයා වන්නේ විමල් වීරවංශ ය.

අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඇමතිවරයා සහ ලේකම්වරයා අතර මත ගැටුම් ඇති වී තිබූ බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ නිසා මීට පෙර ද ලේකම්වරයා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව ද එම ආරංචි මාර්ග පැවසීය.

ජනාධිපතිවරයා විසින් වෙනත් අමාත්‍යාංශයක ලේකම් ධුරයක් බාරගන්නා ලෙස අනූෂ පැල්පිට ට දැනුම් දී ඇතත්, ඒ මහතා ඊට මෙතෙක් පිළිතුරක් ලබා දී නැති බව ද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

five + 12 =