ජාතික සත්වෝද්‍යානයේ සිංහයකුට කොවිඩ් වැලඳුනේ කොහොමදැයි සැකයක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සිංහයකුට කොවිඩ් රෝගය වැළඳී ඇති බවට PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති අතර එසේ වී ඇත්එතේ එහි ඉදිකිරීම් වැඩ බිම්වල සේවකයන් පිරිසකගෙන් දැයි සැකයක් පවතින බවද වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
එහි ඉදිකිරීම් වැඩ බිම්වල කටයුතු ආරක්ෂක පියවරක් ලෙස මේ වන විට තාවකාලිකව නැවැත්වීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
මෙසේ කොරෝනා වැළඳී ඇත්තේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද සිංහ දූපතේ විසූ තෝර් නමැති කේසර සිංහයාටය.
දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.
ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඩ් බවට තහවුරු වී ඇත.
කෙසේවුවදල වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පුවත්පතකට පවසා ඇත්තේ සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා PCR පරීක්ෂණ ප්‍රතිඵල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

three × 4 =