සංචරණ සීමා 21 සදුදා අලුයම හතරට ඉවත් කරයි

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන සඳුදා(21) උදෑසන 4ට ඉවත් කර, එම ලිහිල් කිරීම 23වන දා රාත්‍රී 10.00 යලි පැනවෙන අතර එය 25 දා අලුයම 4.00 තෙක් බලපැවැත්වෙන බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මේ අතර දිස්ත්‍රික් අතර සංචරණ සිමා තවදුරටත් මෙලෙසම අකණ්ඩව බලපැවැත්වෙන බවද පවසයි.

මේ වන විට 2000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේත් දෛනිකව කොවිඩ් මරණ 50 ඉක්මවා වාර්තා වන්නේත් මෙලෙස සංචරණ සීමා ඇති පනවා ඇති පසුබිමකයි.

කෙසේ නමුත් පොලීසිය පවසන්නේ සැලකිය යුතු පිරිසක් කොවිඩ් ව්‍යාප්තියක් තිබියදී සංචරණ සීමා කඩ කරමින් සිටින බවයි.

මේ තත්වයනේ සංචරණ සීමා පැනවීමෙන් ප්‍රථිපලයක් නොමැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

21 වැනිදා රට විවෘත කිරීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් සංචරණ සීමා දැඩි කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.

14 + nineteen =