“කැස්බෑවන් මැරුනේ නෞකාවේ ගින්නෙන් – බහාලුම් ඉවත් නොකළහොත් හානිය වඩා භයානක විය හැකියි”

- වෛද්‍ය අනිල් ජාසිංහ

ගිනිගැනීමට ලක්ව මුහුදුබත් වෙමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මත මේ වන විට පවතින බහලුම් ඉවත් නොකළහොත් සිදුවන පාරිසරික හානිය වඩාත් භයානක විය හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.

පසුගිය මස 20 වන දා ඇති වූ ගිනි ගැනීමෙන් අනතුරුව මෙම නෞකාව මුහුදුබත් වූ අතර, එදින සිට මේ දක්වා කාලය තුළ කැස්බෑවන් 50 කට ආසන්න සංඛ්‍යාවකගේ සිරුරු දිවයින පුරා වෙරළ තීර වෙත ගොඩගසා තිබූ බවද අනිල් ජාසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ නෞකාවේ ගින්නේ තාපයෙන් සහ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කැස්බෑවුන් මිය ගොස් ඇති බවයි.

 

Leave A Reply

Your email address will not be published.

eighteen + 12 =