“ආනයනික සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්න ඉල්ලීම් කරලා තියෙනවා”

මේ වන විට මෙරටට ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් ඉල්ලීම් සිදුකර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කළේය.

සතොස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

” ලෝකෙම සැපයුම් ජාලය, නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙලා. නැව් ගාස්තු ඉතා විශාල ලෙස වැඩිවෙලා. කන්ටේනර් ගාස්තු 300%කින් වැඩිවෙලා. හේතුව තමයි මුළුලෝකෙම ආහාර නිෂ්පාදන අර්බුදයක් තියෙනවා. සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්න ඉල්ලීම් කරලා තියෙනවා. ඒ නිසා රජය කරලා තියෙන්නේ අඩු කරන්න පුළුවන් භාණ්ඩවල මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරලා අඩු කරලා තියෙනවා.” යැයි ද පැවසීය

Leave A Reply

Your email address will not be published.

20 − 13 =