රටේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා සහ පීඩාවට පත් පීඩිතයෝ

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා යටතේ පීඩාවට පත්වී ඇති ජනතාව කවරෙක්ද විශේෂයෙන්ම රටේ ශ්‍රම බලකායෙන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇත. රාජ්‍ය සේවයේ නියුතු ශ්‍රමිකයන් හැර පුද්ගලික අංශය අංශයේ සේවය කරන සමහර පිරිස් වල පවා වැටුප් කොටස් වශයෙන් ගෙවීම හා වැටුප් ප්‍රතිශත අනුකූලව අඩු කිරීමත් දක්නට ඇත.

ශ්‍රී ලංකාවේ ගොවිතැන් කරන හා ධීවර රැකියාවේ යෙදෙන ප්‍රමාණය දළ වශයෙන් මිලියන 2කට ආසන්න වෙයි. එමෙන්ම ත්‍රීරෝද රථ කුලී රථ සේවයේ යෙදෙන සෘජු ප්‍රමාණය මිලියනයකට ආසන්න වන අතර තවත් ලක්ෂ පහක ප්‍රමාණයක් කුලී රථ අමතර ආදායමක් ලෙස භාවිතා වේ යොදවයි. මේසන් වැඩ වඩු වැඩ කුලී වැඩ පින්තාරු කරුවන් වෑද්දුම් කරුවන් විදුලිකාර්මික ජල නල කාර්මික රැකියාවල නිරත වන ස්වයං රැකියා ලාභීන් මිලියනයකට ආසන්න පිරිසක් සිටිති විදේශගත ශ්‍රමිකයන් ප්‍රමාණය මිලියන දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ගනී. ව්‍යාපාරිකයන් ලෙස ජීවත් වන ප්‍රමාණය මිලියන 1.5 ක් ආසන්න වන අතර ස්වයං රැකියා ලෙස ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ප්‍රමාණය මිලියනයකට ආසන්න වේ. කලා ක්ෂේත්‍රයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිල්ලර තොග වෙළදාම වාණිජ වෙළඳසැල්වල ආපන ශාලා හෝටල්වල සේවය කරන ප්‍රමාණය ලක්ෂ 5 කට ආසන්න වේ. රාජ්‍ය සේවය මිලියන 1.5 ක් පුද්ගලික අංශයේ මිලියන 6.5 ක් මේ වන විට ශ්‍රම බලකාය නියෝජනය කරයි. කෙසේ වෙතත් මෙම වසංගතය හරහා දෛනික රැකියා හා දෛනික ව්‍යාපාර වලින් ජීවත් වන මිලියන පහකට ආසන්න ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරෙක් දැයි දැන් විමසා බැලිය යුතු කාලයයි.

ඛනිජ තෙල් මිල ඉහලයෑම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම ගෘහස්ථ ගෑස් විදුලි බිල ජල බිල් ඇතුළු අනෙකුත් සියලුම පාරිභෝගික භාණ්ඩ අහස උසට නැග ඇති මොහොතක ජනතාවට කාගේ පිළිසරණක් ද දේශපාලන ව්‍යාපාර, සමාජ ව්‍යාපාර මේ මොහොතේ මෙම වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වන ජනතාව ආණ්ඩුවේ වැරදි ආර්ථීක ක්‍රමෝපායන් නිසා තව තවත් බදු හා මිල ඉහළ දැමීමට එරෙහිව කටයුතු කළ යුතු අතර ඒ සඳහා ජනතාවට ලබාගත යුතු අවම අයිතිවාසිකම් හා සහන පිළිබඳව සමාජ මතයක් ගොඩ නැගිය යුතුය. එසේ නොකරන්නේ නම් රට තුළ මහත් පීඩනයක් ඇතිවී එය පුපුරා යන අතර එම පීඩනය කිසිවකුටවත් කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මත අවසානයේ රට අරාජික තත්වය දක්වා රැගෙන යෑමට ඉඩකඩ තිබේ. රටේ ජාතික සම්පත් දෛනිකව විකිණීම හැර රටේ ඉඩකඩම් මෙන්ම වටිනා වාණිජ ඛනිජ සම්පත් හා ජලාශ විදුලි බලාගාර මහා පරිමාණ වතු වසා දමා ඇති කර්මාන්ත ශාලා මහමුහුද ඇතුළු මේ සියල්ල විකුණා දැමීමට ආණ්ඩුව පෙලඹී තිබේ. එම නිසා එය පරාජය කිරීමටත් ජනතාව පෙළන මෙම ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එරෙහිව කටයුතු කිරීම පිළිගත් සියලුම දේශපාලන සමාජ හා වෘත්තිය සංවිධානවල යුතුකම වනු ඇත නව දේශපාලන ක්‍රමවේදයක් පිළිබඳව ජනතාවට සිටීමට කාලයක් හෝ ඒ සම්බන්ධයෙන් අවස්ථාවක්ද නොලබා ඇත්ත වශයෙන්ම බොරු සංචරණ සීමා පනවමින් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමට නිවැරැදි සංචරණ සීමා කටයුතු කරන්නේ නම් මේ වන විටත් රට විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇත.
එහෙත් එවැනි තත්ත්වයක් අපට දක්නට නොලැබුණේ ආණ්ඩුවේ වැරදි සෞඛ්‍ය තීන්දු ආර්ථික තීන්දු හා තමන්ට අවශ්‍ය පරිදි සෞඛ්‍ය කාරණා යටපත් කරමින් ආර්ථික කාරණා ඉහලට ගනිමින් කර්මාන්ත ශාලා වැනි දේවල් වල සංචරණ සීමා යටතේ විවෘතව තබා ගැනීම තුළින් රෝගය බෝවීම සීඝ්‍රයෙන් පැතිරී ඇති බවට සෞඛ්‍ය අංශ ආණ්ඩුවට චෝදනා කිරීම දක්නට ලැබේ. ඛනිජ තෙල් මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුව ඇතුළේ ඇති කල්ලි කණ්ඩායම් ගැටලුව ඉදිරියට පැමිණ තිබේ බැසිල් පාර්ශවය හා මීට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ගැටුම උදාහරණයක් ලෙස සාගර ගම්මන්පිල ගැටුම කෙසේ වෙතත් ජනතාව කබලෙන් ළිපට වැටී ලිපෙන්මහ මුහුදට වැටීම දක්වා මෙම අර්බුදය තීව්‍ර වී තිබේ ආණ්ඩුව වෙනුවෙන් එදා පෙනී සිටින ලද සියළු බලවේග අද ආණ්ඩුවෙන් දුරස් වෙමින් පවතී. එය තේරුම් ගැනීමට ආණ්ඩුවට ශක්තියක් තිබිය යුතුය කෙසේ වෙතත් නව දේශපාලන ක්‍රමවේදයක් දක්වා රට ගමන් කරවීමට සියලුම විකල්ප දේශපාලන හා වාම බලවේග කටයුතු කරනු ලැබුවහොත් දීර්ඝ කාලීනව රටට ඉන් වාසි අත්වනු ඇත.
-අරෝෂ අතපත්තු

Leave A Reply

Your email address will not be published.

nine − 8 =