උදය ගම්මන්පිල ට එරෙහිව විශ්වාසභංගය අත්සන් තබයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ආරම්භ කළේය.

කරුණු 10ක් යටතේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව සකසා තිබෙන බවද වාර්තා වේ.
ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය පෙරේදා (15) තීරණය කළේය .

මේ විශ්වාසභංග යෝජනාව නොපමාව විවාදයට ගන්නැයි සමගි ජන බලවේගයේ නායකයන් ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද ඉල්ලීමක් කිරීමට නියමිතය .

Leave A Reply

Your email address will not be published.

11 + 20 =