වන්දි වෙනුවෙන් වන්දි ගෙවන කැස්බෑවෝ..

ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය(ජූනි 16) අදයි
ඒ දිනය ගත වෙමින් තිබෙන්නේ වෙනදාටත් වඩා කැස්බෑවුන්ගේ ඉරණම පිළිබඳ ශ්‍රී ලාංකීය සමාජයට අවධානය යොමු කරන්නට බල කෙරී ඇති අවස්ථාවකය. සින්නපාඩුවේ සිට වැටිය දක්වා මියගිය කැස්බෑවුන් 40ක් පමණ ඊයේ වනවිට වෙරළට ගොඩගසා තිබුණි. ඒ X Press නැවේ “ඛේදවාචකයට” වන්දි ගෙවීමක් ලෙසිනි.
කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් සිය දිවියම කැප කළ Dr. Archie Carr(1909-1987) ගේ උපන් දිනය ලෝක කැස්බෑ සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත. වසර මිලියන 100ක පමණ ඉතිහාසයක සිට කැස්බෑවුන් මෙලොව ජීවත් වන අතර ඔවුන්ගේ ආයු කාලය වසර 80-120ක් පමණ වේ.

මිනිස් ක්‍රියාකාරකම් නිසා කැස්බෑ විශේෂ ගණනාවක් වඳ වී ගොස් ඇති අතර දැනට ලොව ජීවත් වන්නේ කැස්බෑ විශේෂ හතක් පමණි. එයිනුත් විශේෂ හයක්ම ලෝක රතු දත්ත පොතට ඇතුළත් කර ඇත. මෙම විශේෂ හත අතරින් පහක්ම ලංකාව අවට මුහුදේ ජීවත් වීම විශේෂත්වයකි. ඒ ගල් කැස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, පොතු කැස්බෑවා සහ ඔලුගෙඩි කැස්බෑවා යන විශේෂයන්‍ ය.
තීන්දු ගැනීමට බලය පවරාගෙන ඇති අයගේ අමනෝඥ, පටු, ලාභ තීරණ මත මේ මිය යමින් සිටින්නේ සිය ජීවිත පිළිබඳ තීන්දුවක්වත් ගත නොහැකි අසරණ සතුන්ය.

-වෛද්‍ය නලින්ද ජයතිස්ස

Leave A Reply

Your email address will not be published.

four × three =